සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුව මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 3000ක් තීරුබදුවලින් නිදහස් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07දා) පැවසීය.
මෙම ගැසට් නිවේදනය සම්බන්ධව පාර්ලිමේන්තුවට දන්වා නැති බවත්, මේ ගැන තමා පාර්ලිමේන්තුවේ පුස්තකාලයාධිපතිවරයාගෙන් කරුණු විමසූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගැසට් නිවේදනයක් නිකුත් කළ විට අදාළ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකළ යුතු වුවද සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ වෙබ් අඩවියේ මෙම ගැසට් නිවේදනය ඇතුළත් කර නැති බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.