චීනයේ ඉදිරිපෙළ වෛද්‍යවරයෙක් මිය යෑම පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරතිබේ.
ඔවුන් පවසන්නේ චීන රජය සහ ජනතාව ඔවුන්ගේ වෛද්‍ය සේවකයින්ගේ ඉමහත් දායකත්වය බෙහෙවින් අගය කරන බවත් එය චීනයේ කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවත්ය.
“සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ආරක්ෂාව සඳහා අපි විශාල වැදගත්කමක් දක්වන අතර ඔවුන්ට ඇති විය හැකි තර්ජනය අවම කර තිබෙනවා. මැයි මාසයේ නවතම සංඛ්‍යා අනුව ආසාදිතයින් 3,400 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සහ 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
හුබෙයිහි COVID-19 ට එරෙහි සටනට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ චීනය පුරා විසිරී සිටින වෛද්‍ය සේවකයින් 42,000 දෙනා අතර එක ආසාදනයක් හෝ මරණයක්වත් සිදුවුණේ නෑ.
එය හරියටම පෙන්නුම් කරන්නේ චීනය ඉදිරි පෙළ වීරයන්ට කෙතරම් ගෞරවයක් හා ආරක්ෂාවක් ලබා දී ඇත්ද යන්නයි.” එම නිවේදනයේ දැක්වෙයි.
ඇමෙරිකාවේ රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 62,344 ක් ආසාදනය වී ඇති බවත්, 291 ක් එක්සත් ජනපදයේ මිය ගොස් ඇති බවත් ලෝකය දැන ගනී.
එක්සත් රාජධානියේ වෛද්‍ය සේවකයින් 200 කට වැඩි පිරිසක් මිය ගිය ගියේය. ලොව පුරා සිටින සියලුම දිවි පිදූවන්ට අපගේ ඉහළම ගෞරවය හා අවංක ශෝකය ප්‍රකාශ කරනවා.
ද්විත්ව ප්‍රමිතියකින් යුත් ව්‍යාජ ප්‍රවෘත්තිවලට මූලික කරුණු නොමැති වීම සහ අපකීර්තියෙන් පිරී තිබීම ගැන අපි විරුද්ධ වෙනවා”