සක්විතිට හා බිරිඳට ලක්ෂ 36ක දඩයක්
මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට ඔ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය.
රුපියල් ලක්ෂ 18 බැගින් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් විත්තිකරුවන්ට නියම කළේය.
2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට සක්විති රණසිංහට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා කරන කොට තිබූ අතර ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සක්විති රණසිංහ මහතාගේ බිරිඳට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර යුවළ අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම චෝදනාවන්ට තම සේවාදායකින් වරද පිළිගැනීමට සූදානමින් සිටින බව දැනුම් දුන්හ.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දෙනු ලැබූ අතර එම චෝදනාවන්ට තමන් වරදකරුවන් බව ඔවුහු විවෘත අධිකරණයේදී පිළිගත්හ. ඒ අනුව විත්තිකරුවන්ට අදාළ දඬුවම් පැමිණ විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

