සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබාදීමේදී නව නීති
පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් නව නෛතික ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.
හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම, ලියාපදිංචි කිරීම සහ සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා ලබාදීම පිළිබඳ ශක්තිමත් හා යාවත්කාලීන නෛතික රාමුවක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතියට අනුව මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක නෛතික හා පරිපාලන විධිවිධාන, සංරක්ෂණ අවශ්‍යතා, නීති බලාත්මක කිරීමේදී පවතින අභියෝග, සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා හීලෑ අලි යොදා ගැනීම සහ සත්ව සුභසාධනය සම්බන්ධ කරුණු පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර ඇති "2026 ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීම" සම්බන්ධ රෙගුලාසි නැවත සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.
පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) එච්. එම්. බී. පී. හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ කැඳවුම්කරු සහ ලේකම් ලෙස අතිරේක ලේකම් (සංවර්ධන) ඩී. පී. සී. උදය කුමාර මහතා කටයුතු කරයි.
හීලෑ අලි සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා යොදා ගැනීම, එම කටයුතු සඳහා අලි ලබාදීමේ ක්‍රමවේදය සහ අලි ඇතුන්ගේ සුභසාධනය සම්බන්ධ නිර්දේශ මෙම කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම නිර්දේශ මත ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
