සංවිධානාත්මකව යතුරුපැදී සොරකමේ යෙදුණු කල්ලියක තරුණයන් තිදෙනෙකු සහ එයට අනුබල ලබා දුන් තරුණියක් එම සොරා ගත් යතුරුපැදි ද සමග අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 20 හැවිරිදි සැකකරුවන් තිදෙනා කොටදෙනියාව මැල්ලව ගෙදර පදිංචි කරුවන් වන අතර 17 හැවිරිදි සැකකාරිය බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය පවසයි.
බෝපිටිය ලබ්බල පාසල අසල බස් නැවතුම්පොලේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා තදින් මත්ද්‍රව්‍ය වලටද ඇබ්බැහිවී ඇති අය බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන්ගෙන් විසින්ප්රශ්න කිරීමේදී ඔවුන් විසින් විවිධ ප්‍රදේශවලින් සොරා ගන්නා ලද යතුරු පැදිරිවල තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
මීගමුව, කුලියාපිටිය, දළුවකොටුව යන ප්‍රදේශවලින් සොරා ගන්නා ලද යතුරුපෙදි 04 ක් පන්නල බෝපිටිය සහ ගිරිඋල්ල මැද්දෙපොල ප්‍රදේශවල පුද්ගලයන්ට ඉතා අඩු මුදලට අලෙවිකර තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදී ප්‍රධාන සැකකරුගේ 17 වියැති පෙම්වතියගේ නිවසේ සඟවා ඒවායේ අංක තහඩු ඉවත් කර ඇයගේ පියාවද සම්බන්ධ කරගනිමින් අලෙවි කර ඇති බවත් එක් යතුරුපැදියක් ඔහුට උපන්දින තෑග්ගක් ලෙස ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස්පතිතුමාගේ නියෝගයකට අනුව සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සොරකමට අනුබල ලබා දුන් තරුණිය ඊයේ 19 කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පන්නල හේමා රාජපක්ෂ
