අනුරාධපුර නගරය ආසන්නයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියකගේ සැමියාට පහර දී ත්රීරෝද රථයකින් ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (11දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්ස පුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
තම පියාට පහර දී පිරිසක් රැගෙන යන ආකාරය දුටු තම 13 හැවිරිදි පුත්රයා විසින් අසල් වැසි කාන්තාවකගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුමකට නිවසට පැමිණ සොයා බලා අදාල සංවර්ධන නිළධාරිණිය මෙම පැමිණිල්ල සිදු කර ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් අද (12දා) , දහවල් වන විටත් එම පුද්ගලයා හමු නොවූ බවද පොලීසිය සඳහන් කළේ ය .