චීනයේ ශ්‍රී ලංකා තනාපති පාලිත කොහොන මහතා ඇතුළු රටවල් 20ක තානාපතිවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉකුත්දා චීනයේ යුනාන් පළාතේ සංචාරයකින් පසු තානාපතිවරුන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව ඔවුන් එහි සඳහන් කර ඇත්තේ යුනාන් ප්‍රාන්තයට ආවේණික කර්මාන්ත දියුණු කිරීම, ජන ජීවිතය ඉහළ නැංවීම , අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ඔවුන්ට දැකගත හැකිවූ බවයි. එමෙන්ම දරිද්‍රතාවය පිටුදැකීම සඳහා චීන රජය යුනාන් ප්‍රාන්තය තුළ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද ඔවුන් අගය කර තිබුණි.
සංවර්ධන ක්‍රියාවලිය තුළ චීනය කිසිවෙකු මඟ නොහැර කටයුතු කර ඇති බවත්, සියලුම මිනිස්සු සංවර්ධන ක්‍රියාවලියට දායක කරගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ඇති බවත් තානාපති පවසති. ගෝලීය දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් ද චීනය පියවර තබා ඇති බවට එය සාක්ෂි සපයන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.
මෙම ඒකාබද්ධ ප්‍රාකශය ශ්‍රීලංකාව, නැමීබියා, මොසැම්බික්, තායිලන්තය , ටොබැගො ඇතුළු රටවල් 20ක තානාපතිවරුන් විසින් නිකුත් කර ඇත.
නවෝද්‍යා පවනි (චීනයේ බෙයිජිං නුවර සිට)