පසුගිය මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැවැති සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් බවට මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ බවත් සංචිත ප්‍රමාණය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාමත් පහළ තත්ත්වයක බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජික් සියඹලාපිටිය මහතා පැවැසීය.
දෙහිඕවිට පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු සඳහන් කළේ මෙම අගය ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කර ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.
"ඩොලරයේ අගය තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුවයි. මේක කිසිවිටකත් අනවශ්‍ය ලෙස පාලනය කරන්න රජය උත්සාහ කළේ නැ. රුපියල් 360ට 380ට තිබුණ ඩොලරය දැන් 320ට අඩුවෙලා තියෙනවා. අයි.එම්.එෆ්. ණය වාරික ලැබීම අපගේ සංචිත වැඩිවෙන්න හේතුවක් වෙනවා."