ජපානයේ ගුවන් ගමන් බලපත්රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්රයක් ලෙස පිළිගන්නවා. ජපනුන් කොහේ හරි සංචාරයකට යනවනම් රටවල් දෙකක් හැර ඔවුන් ලෝකයේ වෙන කොහේ හරි රටකට යනවනම් වීසා අයදුම් කරන්නෙ නෑ.
නේවාසිකව යනවනම් වෙනත් කරුණක්. රටවල් දෙකයි ජපන් සංචාරකයන්ගෙන් වීසා ගන්නේ. එකක් උතුරු කොරියාව. උතුරු කොරියාව ජපානය දෙස බලන්නේ සම්ප්රදායික විරුද්ධවාදීන් හැටියට.අනික ලංකාව.
ජපන් ජාතිකයෙක් සංචාරයකට යනවනම් වීසා ගන්න ඕන රටවල් දෙක ලංකාවයි උතුරු කොරියාවයි. මේකවත් වෙනස් කරන්න මොළයක් නෑ. මේක රොකට් සයන්ස් නෙමෙයි. සංචාරය කරන ජපන් ජාතිකයන්ට වීසා ගැනීම හුරු නෑ. ඒ අතර අපේ වීසා ගාස්තුත් වැඩි කරලා.