සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යනු අපේ රටට විශාල විදේශ විනිමය උපයන ආයතනයක්ද වනවා .මේ අනුව මේ ආයතන හරියට කළමණාකරනය කර සංවර්ධනය කලහොත් පමණයි නිසි ආදායම් ලබාගත හැක්කේ යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තුන්වන අධ්යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් අද (31දා) පත්වූ හිටපු වනසංරක්ෂක ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා රාජකාරි භාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙසේද කීය .
අප මෙහි සේවකයින්ගේ මෙන්ම සත්වයින්ගේද සුභ සාධන කටයුතු සමබරව සිදුකල යුතුයි .විදේශිකයින් විශේෂයෙන් බලාපොරොත්තු වනවා සත්ව සුභ සාධනය සිදුවන ආකාරය පිළිබඳව. ඒ නිසා අප මේ දෙපාර්තමේන්තුව තුල සත්වයින්ගේ සුභ සාධනය සත්ව හිංසාව නැතිව සිදුකර ගෙන යාමට කටයුතු කල යුතුයි .
ඕනෑම රජයේ ආයතනයක් තුල වංචා දූෂණ සිදු වනවානම් අප ඒවා ගැන ආයතන සංග්‍රහයට අනුගතව නීතියටද පටහැනි නැති අයුරට පරිපාලන කටයුතු සැලසුම් කල යුතුයි .
ඒ අනුව මෙහි පසුගිය කාලයේ සිදුවූවා යැයි කියන යම් යම් දේවල් පිළිබඳව මා හට අධ්‍යනය කර අවබෝධයක් ලබා ගැනීමට යම් කාලයක් ලබාදිය යුතුය .ඒ අනුව නීති විරෝධි අයුරට ආයතන සංග්‍රහයට පරිභාහිරව යම් දේවල් සිදුවී ඇත්නම් නීතියට අනුව කටයුතු කරමින් මේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් ගත හැකි සියලු තීරණ ගැනීමටත් බලාපොරොත්තු වනවා .
දැනට රිදියගම සෆාරී උද්‍යානය වැඩ කටයුතු වලින් තුනෙන් දෙකක් පමණයි සංවර්ධනය වී ඇත්තේ ඒ අනුව ඉතිරි කටයුතු රජයේ සහ අමාත්‍ය තුමාගේ සහායද ලබාගන සම්පූර්ණ කිරීමට පියවර ගනු ලබනවා .
අප ලේකම් තුමාගේ සැලසුමක් අනුව මේ රටට පැමිණෙන සියලු සංචාරකයින් සදහා ගුවන්තොටුපොල තුලදීම සත්වෝද්‍යානයන් සදහා ටිකට්පත් ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනුද ලබනවා .මේ නිසා මේ රටට දැනට ඇතිවී ඇති උග්‍ර ඩොලර් හිගයටත් රජයට දායකත්වය ලබා දෙන අතර අප සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුල ආදායමද වැඩිකරගත හැකිද වනවා .
තවද සත්වෝද්‍යානය තුල සිටින සතුන්ට ආදරය කරන අතර සුභ සාධන කටයුතුද සිදුකරන අයුරු විදේශිකයනට
දෑනුවත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත පණිවුඩයක් ලබා දීමටද කටයුතු කරනු ලබනවා .
මෙම අවස්ථාවට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලේකම් සෝමරත්න විදාන පතිරණ , අතිරේක ලේකම් ව්‍යාපෘති ධම්ම්කා මල්සිංහ , ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්යක්ෂ පාලන නිමේෂා නායක්කාර , නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී, සහකාර අධ්‍යක්ෂිකා දිනූෂා මානවඩු, ප්‍රධාන අභ්‍යන්තර විගණක උත්පලා දයාරත්න , අධ්‍යක්ෂක සෞඛ්‍ය පෝෂණ චන්දන රාජපක්ෂ, ප්‍රධාන ගණකාධිකාරී රාජ ක්‍රිශ්ණ , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය මාධ්‍ය ලේකම් නිමල් මැටිවැල්ල යන මහතුන් සහභාගිවී සිටියහ.
දෙහිවල එච් එම් ධර්මපාල


