මෙරට සංචාරයක් සදහා පැමිණි විදේශීය යුවලකගේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් හා උපකරණ සොරා ගත් බවට සැක කරන එම යුවල ගමන්ගත් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය අද (17දා) දින පැවැසීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පයාගල පදිංචි 55 හැවිරිදි සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන සුඛෝපභෝගි බස් රථයක රියදුරෙකුයි.
පසුගිය දිනක මෙම සිදුවීම සිදුව ඇති බවත් අදාළ සංචාරකයින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයෙකු හා ලිතුවේනියාවේ කාන්තාවක් බවද මොහුන් නෝර්වේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ඇති බව කියයි.
එහිදි දී මෙම සංචාරක යුවල පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමේන් පසුව එම පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු කටුනායක ගුවන් තොටුපොළේ සිට වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමට බස් රථයකින් පැමිණ ගොස් ඇති බව කියයි.
එම අවස්ථාවේ බස්රථයේ 6 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ගේ සියළු ගමන් මලු බස් රථයේ රියදුරු ආසනය ආසන්නයේ තබා ඇති බව පොලිසිය සිදුකල පරික්ෂණ වලදි සනාථ වි තිබේ.
හෝටලයට පැමිණි පසු එම යුවල සිය ගමන් මලු පරීක්ෂාකර බැලීමේදී එහි තිබූ නෝවේජියානු මුදල් වන කෝන් විසි දහසක්,රුධිරය පරික්ෂා කරන උපකරණයක් සහ වටිනා උපැස් යුවලක් බෑගයක නොමැති බව එම යුවල වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිබේ.
අනතුරුව වෙන්ප්පුව සහකාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රනුක වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් පසුව බස්රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.