යාපනය ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මාර්ගයෙන් ගමන්ගත් සංචරක බොට්ටුවක් ඊයේ (12) දින පෙරලී දියේ ගිලීම හේතුවෙන් එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.
යාපනය කූරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මර්ගයෙන් ගමන්කොට ඇති මෙම සංචාරක බොට්ටුවේ සංචරකයින් 12 දෙනෙකු සහ කර්යමණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇති අතර අතරමගදී කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී පසුව එය දියේ ගිලීමේ අවධානමක් ඇතිව තිබෙනවා.
අනතුරුව එහි සිටි සංචාරකයින් සුදු කොඩියක් අධරයෙන් උදව් ඉල්ලා කෑගසා ඇති අවස්ථාවේදී ආසන්න මුහුදු මාර්ගයකින් ගමන්ගත් ෂබරිෂ් නම් දිගුදුර බොට්ටුවට අනතුරට පත් පිරිස නිරීක්ෂණය වී ඇත.
කෙසේ වෙතත් ෂබරිස් දිතුදුර බොට්ටුවේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවේදීම පැමිණ අනතුරට පත් බෝට්ටුවේ සිටි පිරිස් බේරාගෙන ඇති අතර එම අවස්ථාවේම අනතුරට පත් බොට්ටුව දියේ ගිලී ගොස් ඇත.
අනතුරට පත් අවස්ථාවේම ෂබරිස් බෙට්ටුව නෙමැති වූවෙනම් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ බවටද සංචරකයින් පවසා සිටියහ.
බේරාගත් සංචරකයින් සහ කර්යමණ්ඩලය ෂබරිස් දිගුදුර බෙට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් කූරිකට්ටුවාන්හි පිහිටි නාවික හමුදා නිලධාරි කාර්යාලය වෙතට භාර දී ඇත.





