සැප්තැම්බර් මාසයේ මුල් දින එකොළහ තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත පෙන්නුම් කළේ සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ සංචාරකයින් 10,796ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
මේ වන විට සැප්තැම්බර් පැමිණීමත් සමඟ වසර සඳහා සමුච්චිත පැමිණීම් 507,226 දක්වා ළඟා වී තිබේ.එම කාලය සඳහා දෛනික පැමිණීමේ අනුපාතය දිනකට සංචාරකයින් 979 කි.
සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ඉහළම මූලාශ්‍ර වෙලඳපොලවල් තුන වූයේ, ඉන්දියාව (සියයට 21), එක්සත් රාජධානිය (සියයට 11) සහ ඕස්ට්‍රේලියාව (සියයට 8) යන රටවල්ය. එම රටවල්වලින් පිළිවෙළින් 2,228 ක්, 1,183, සහ 817 ලෙස සංචාරකයන් පැමිණ තිබේ.