සංචාරක ඉපයීම් පහළට, විදෙස් ප්‍රේෂණ ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම වර්ෂයේ (2026) මාර්තු මාසයේ දි මෙරටට පැමිණි විදේශිය සංචාරකයින්ගේ සංඛ්‍යාව 183,979 දක්වා සියයට 19.8කින් පහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) මාර්තු මාසයේ දි මෙරටට විදේශිය සංචාරකයින් 229,298 දෙනෙකු පැමිණ තිබුණි.එම මාසය තුල සංචාරක ඉපයිම ඇමරිකානු ඩොලර් මිලියන 354කි. එහෙත් මෙම වර්ෂයේ මාර්තු මාසයේ දි සංචාරක ඉපයිම් ලෙස ඇස්තමේන්තුකොට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 224කි.
මෙම වර්ෂයේ පළමු කාර්තුව තුල ( ජන-මාර්තු) සංචාරක ඉපයිම් ඉකුත් වර්ෂයේ (2025) පළමු කාර්තුවට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 954 දක්වා සියයට 15කින් අඩුවි තිබුණි.
2025 වර්ෂයේ පළමු කාර්තුව තුලදි සංචාරක ඉපයිම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1,122ක ආදායමක් උපයාගෙන තිබුණි.
කෙසේවුවද මෙම වර්ෂයේ මාර්තු මාසයේ දි විදේශසේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 815 දක්වා සියයට 17.5කින් වර්ධනය වි තිබුණි. එමෙන්ම මෙම වර්ෂයේ පළමු කාර්තුව තුලදි විදේශසේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබිම් ඇමරිකානු ඩොලර් මිලියන 2,294.9 දක්වා සියයට 26.5කින් වර්ධනය වි තිබු බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
