ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දෙමින් අවභාවිතා කළේයැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ක්‍රිකට් සභාපති ෂම්මි සිල්ලා මහතා කළ චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ජාතික ක්‍රීඩා අරමුදලට බැර කල මුදල් වියදම් වූ ආකාරය පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
මාධ්‍ය ඉදිරියේ මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් සිදු කරමින් ජනතාව නොමග යවමින් තම බලය රැකගැනීමට වියරුවෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ප්රමුඛ ක්‍රිකට් පරිපාලනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.