රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ පැවති නායකත්ව කුසලතා සංවර්ධන කදවුරට සහභාගිවී පුහුණුව නිමා කළ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවියන්ගේ විසිරයෑමේ උත්සවය අද (25දා) පැවැත්විණි.
ඌව හා නැගෙනහිර පළාතේ පාසල් අතරින් ශිෂ්‍යභට ඛාණ්ඩ අතරින් බල ඇණි 60ක් නියෝජනය කරමින් 1500ක් පමණ බාලක බාලිකාවියන් දින හතක කාලයක් පුරා රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ පැවති නායකත්ව කුසලතා සංවර්ධන කදවුරට සහභාගිවී පුහුණුව නිමා කර විසිර ගියහ.
2022 වසරේ පාසල් ශිෂ්‍යභට බාලක,බාලිකා පුහුණු කදවුරේ පැවති කුසලතා වර්ධනය වැඩ සටහනේ ලකුණු 1476.11ක් ලබාගත් බණ්ඩාරවෙළ මධ්‍ය මහා විදුහලට ප්‍රථම ස්ථානය හිමිවු අතර, ලකුණු 1454.44ක් ලබාගත් බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විදුහලට දෙවන ස්ථානය හිමිවිය.තුන්වන ස්ථානය ලබාගැනීමට ලකුණු 1337.78 හිමිකරගත් අම්පාර වෑරන්කැටගොඩ ජාතික පාසල සමත්විය.
විසිරයෑමේ උත්සවය ආචාර පෙළපාලි ඇතුලු විශේෂාංග රැසකින් සමන්විත වු අතර කදවුරේදි දක්ෂතම වෙඩික්කරු,ඉදිරිපත් කිරීම්,ආත්ම විශ්වාස වර්ධනය,ඝණ සරඹ,භට නිවාස ඇතුලු කුසලතා සංවර්ධනයේදි විශේෂ දක්ෂතා දැක්වු ශිෂ්‍යභට බාලක බාලිකාවියන්ට සහ පාසල් සදහා කුසළාන හිමිවිය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය සහභාගි වු අතර රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ සේනාවිධායක කරනල් ආර්.එම් ප්‍රේමතිලක,ජාතික ශිෂ්‍යභට බාලකායේ ඌව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ කරනල් ලුතිනන්/කර්නල් ආර්.එම්.ජී රාජපක්ෂ,නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ කරනල් එම් අනුර කුමාර මහත්වරන් ඇතුලු නිළධාරීන්,විදුහල්පතිවරුන්,ගුරුවරුන් ඇතුලු දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි


