මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 198ක් ගත් සිසුුුුවෙක් හා සිසුවියක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි (10) සිසුවිය හා බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා මෙසේ ලකුණු 198ක් බැගින් ලබාගැවනීමට සමත්ව තිබේ.
බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පදිංචි හෙවිදු ගේ මව සහ පියා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්ය. එකම සහෝදරයා ද එම පාසලේම 4 වන වසරේ අධ්‍යාපනය ලබයි.
ඔහුගේ අනාගත බලාපොරොත්තුව දක්ෂ ගුරුවරයෙක් වි එම පාසලටම සේවය කිරීම බව අදහස් දක්වමින් පැවසීය
බදුල්ල ස්ප්‍රීංවැලි පාරේ පදිංචි දුලිනි සංදිනි දියණියගේ මව තිලිණි එරංදි ඉංජිනේරුවරියක වන අතර පියා සමිල ප්‍රභාත් ව්‍යාපාරිකයකි.
දුලිනිගේ නැගණිය ද.බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර , ඇයට අවුරුදු දෙකක් වයස සිගිති නැගණිය ක්ද සිටි .
