“ළමයින්ගේ පමණක් නොව දෙමාපියන්ගේත් විභාගයක් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා. ශිෂ්‍යත්ව විභාගය වැදගත් විභාගයක් තමයි. නමුත් එහි ප්‍රතිඵල මත පදනම් වෙලා දරුවෝ වර් ගීකරණය කරන්න යන්න එපා” යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
වෛද්‍ය රූමි රූබන් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (26දා) ගාල්ලේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.
“ හොඳ දරුවෝ, නරක දරුවෝ, දක්ෂ දරුවෝ, අදක්ෂ දරුවෝ කියලා දරුවන් ගැන හිතන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ළමා කාලයේදී දරුවන්ට දැඩි පීඩනයක් ගෙන දීපු විභාගයක්. මේ කාලේ තියෙන දක්ෂතා අනාගතයේ දී ඒ විදියටම යන්නේ නැහැ. ඒ දරුවෝ තවත් ඉහළට යන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් ළමයින්ගේ සිත් තලන්න එපා. අල්ලපු ගෙදර ළමයින්ගේ ප්‍රතිඵල, පන්තියේ වැඩිම ලකුණු ගත්ත ළමයින්ගේ ප්‍රතිඵල, නෑදෑ ළමයින්ගේ ප්‍රතිඵල එක්ක සංසන්දනය කරලා දරුවන්ගේ ධෛර් යය, අධෛර් යයට පත් කරන්න එපා” යැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් පැවසීය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්