පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ගතවන කාලය අඩුකරන බවට සහතික වන බවත්අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (02දා) හෝමාගම - ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර-දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, අමාත්‍යවරයා කියා සිටියේ,රටේ සෑම නිවසකටම යමින්, ජනතාවගේ නිරෝගීභාවය සහතික කරනක්රමයක් ඇතිකළ යුතු බවයි. ඒ සඳහා උසස් අධ්‍යාපන ආයතනවලින් සහයෝගය ලබාදිය හැකි බවත්, වෛද්‍ය හා හෙද සේවයට සහාය දීමට ස්වේච්ඡා සේවා ආරම්භ විය යුතු බවත් ඔහු පැවසීය.