පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නීති අංශයේ අධ්‍යාපනය හදාරන නීති ශිෂ්‍යයන්ට සිදුකරන පහරදීම් හා බැණ වැදීම් නතර කරන බවට ශිෂ්‍ය සංගමය ලිඛිත පොරොන්දුවක් දෙන තුරු එහි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ නොකරන බව කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
මහාචාර්යවරයා ඒ බව අවධාරණය කර සිටියේ කලා පීඨය සිසු ගැටුම සම්බන්ධයෙන් අද (03) සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කරුණු දැක්විය.
“පසුගිය 14 වැනිදා නීති ශිෂ්‍යයන්ට සිදු කළ පහර දීමෙන් පසු පීඨයේ සියලු ප්‍රායෝගික ඉගැන්වීම් නවත්වා මාර්ගගත ක්‍රමයට අධ්‍යයන කටයුතු ආරම්භ කළේ නවකවදයට සම්බන්ධ නොවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර නොදෙන බවටත් පීඨයේ පොදු ස්ථාන එම සිසුන්ට පරිහරණය කිරීමට අවස්ථාව දෙන බවටත් ශිෂ්‍ය සංගමය ලිඛිත පොරොන්දුවක් ලබා දීම සඳහා කාලය ලබා දෙමිනුයි.
නමුත් මේ වන තුරුත් ශිෂ්‍ය සංගමය එම ලිඛිත පොරොන්දුව ලබා දී නැහැ. ඒ හේතුවෙන් මාර්ගගත ඉගැන්වීම් කටයුතු නතර කිරීමට පියවර ගත්තා. පීඨයේ නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නම් ලෙස සංගමය එම ලිඛිත පොරොන්දුව ලබා දීම අනිවාර්යය වෙනවා.
නීති ශිෂ්‍යයන්ට පීඨයේ පොදු ස්ථාන භාවිතා කිරීමට අවස්ථාව නොදෙමින් කරන පහරදීම් බියවැද්දීම් නිසා එම සිසුන් දැඩි අපහසුතාවයකට පත් වී සිටිනවා. දිවා ආහාරය ලබා ගැනීම සඳහා දෙන පැයක් වැනි කාලයක් තුළදි එම සිසුන්ට පේරාදෙණිය නගරයට ගොස් ආහාර ගෙන ආපසු එන්න වෙලාවක් නැහැ. ඔවුන්ට පීඨයේ පොදු භෝජනාගාරය භාවිතා කිරීමට අවස්ථාව දිය යුතුයි .
නීති ශිෂ්‍යයන්ට සිදුකරගෙන යන පහරදීම් බියවැද්දීම් වලට ශිෂ්‍ය සංගමය සම්බන්ධ නොමැති නම් ඔවුන් එය සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් දිය යුතුයි. එවිට එය සිදුකරන අනෙක් සිසුන් පාලනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. එම ලිඛිත පොරොන්දුව ලැබෙන තුරු නැවත පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානමක් නැහැ.”
ෂේන් සෙනෙවිරත්න