ශිරාන් බාසික් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටිමින් , ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධානතම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු , ජාවාරම්කරුවෙකු වූ මොහොමඩ් ශිරාන් බාසික් , එරටින් පිටුවහල් කර 08/14 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
දෙහිවල , කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි .
ඔහු ඉකුත් ඉරාන - ඇමෙරිකා යුද්ධයේ දී , ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහර දීම සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඔහු පිළිබද විමර්ශන කටයුතු සදහා ඇමෙරිකාව විසින් එරටට ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි .
ඉකුත් 2018 වසරේ දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර , 08/14 දින රාත්‍රී 08.48 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , මොහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

