තමන්ගෙ හැගීම් පිළිබඳව මෙන්ම තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සමස්ත ජනතාවගෙන් මෙන්ම මාධ්‍ය යෙන් ඉල්ලා සිටින බව ශාෆ්ටර් පවුල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ වී ඇති බවත් ඒ අනුව සත්‍ය කරුණු ලැබෙන තෙක් බලා සිටින ලෙසත් එම නිවේදනයේ දැක්වෙයි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති වන දිනෙෂ් ශාෆ්ටර් මහතා ඊයේ (15දා) ඝාතනය කෙරුණු. ඔහුගේ අත්බැද ගෙල වයරයකින් සිරකර බොරැල්ල කනත්ත තුළ තම මෝටර් රථයේ සිටියදී සොයා ගැනුණ අතර පසුව ඔහු කොළඹ රෝහලට ඇතුළත් කෙරුණත් ජීවිතක්ෂයට පත්විය.
52 හැවැරිදි දිනේෂ් සාෆ්ටර් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. දිනේෂ් ශාෆ්ටර් මහතා නිහඩවම ක්‍රීඩාවටත්, ව්‍යාපාරයටත් දායකත්වය දැක්වූ බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
