නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී නොවන බව නිවේදනය කරයි.
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි විවෘත කිරීමට ඔහු පැමිණීමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් මත සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහභාගී නොවූවද දේශීය හා ජාත්‍යන්තර විශිෂ්ටත්වයන් ප්‍රදර්ශනය කරමින් නියමිත පරිදි මෙම සුවිශේෂී විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
එම අවස්ථාවට සහභාගී වීමට නොලැබීම පිළිබඳව සිය කණගාටුව පළ කරන ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි කළමනාකාරීත්වයට මෙන්ම තමන් වෙනුවෙන් බලා සිටි සියලු දෙනාට සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියි.
එමෙන්ම නුදුරු දිනයකදී City of Dreams Sri Lanka වෙත සපැමිණීමටද ශාරුක් ඛාන් බලාපොරොත්තු වෙයි.
