බටපොළ ඔලබැද්ද ප්රදේශයේ නිවසක අද (08දා) පැවති ශාන්තිකර්මයක් අතරතුරේදී සිහිසුන්වූ ශාන්තිකර්මයට භාජනවූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි බටපොළපොලීසිය පවසයි.
එම ප්රදේශයේම පදිංචිව සිටි මේනකා ප්රියංගා (42) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අදාළ කාන්තාවද සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන යන තැනැත්තියක බවද පොලීසිය කියයි.
ශාන්තිකර්මය සිදු කරන අතරතුරේදී මේ කාන්තාව සිහිසුන්ව ඇති බවත් පසුව එය දුටු අය සිතා ඇත්තේ ඇයට දිස්ටියක් වැටී සිහිසුන්ව සිටින බවත් පසුව සිහිය නොආ තැන ඔවුන් මේ කාන්තාව ඇල්පිටිය රෝහලට රැගෙන ආ බවත් එහිදී ඇය මියගොස් ඇති බවට අනාරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
තොවිල් ශාන්තිකර්මය සිදු කළ ජාල යකැදුරා කරන්දෙණියේ පදිංචි 45 හැවිරිදි අයෙකු බවද පොලීසිය කියයි.බටපොල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත