පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබදුන් තින්දුව පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (17දා) සිට ලබන 20 දක්වා රැස්වීමට නියමිත අතර එම කාලසීමාව තුළදී ඔහු මෙම ප්‍රකාශය කරනු ඇතැයි වාර්තා වෙයි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.