ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත සහන සත්කාර සේවා ඒකකය (Palliative Care Service) ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදු කෙරිණි.
සහන සත්කාර සේවා ඒකකය විවෘත කිරීමෙන් පසු පළමු රෝගියා ලියාපදිංචිය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.
හොරණ සෞඛ්‍ය දිස්ත්‍රික් මහ රෝහලට තමන් සෞඛ්‍ය අමාත්‍ය දුරට පත් වූ පසු පැමිණි පළමු අවස්ථාව මෙය වන බව ද හොරණ දිස්ත්‍රික් මහ රෝහලට දිස්ත්‍රික් මහ රෝහලකට අවශ්‍ය පහසුකම් අතින් අඩුවක් පවතින බවද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
රෝහලේ ඉදිකිරීම් පිළිබඳව අදහස් දක්වමින් අතරමග නවතා දමා ඇති සයමහල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා රේඛීය අමාත්‍යංශය මැදිහත්ව නැවත අලුතින් ටෙන්ඩර් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඔක්තෝබර් මස වන විට ඉදිකිරිම් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද පැවසීය.ඒ අනුව මේ වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවද අවධාරණය කරන ලදි.
රාජ්‍ය සේවාවෙි වැටුප් වැඩිකිරීමට සහ පහසුකම් ඉහළ නැංවීමට රජය කටයුතු කරන අතර, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ලබාදෙන වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
පාර්ලිමේන්තුවේදී කතානායකවරයා අවධාරණය කරන ලද්දේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ආ කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙමින් තුනෙන් දෙකක් අවශ්‍ය නොමැති බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය මත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්මත කළ හැකි බවයි.
කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට විරුද්ධව එය නීති විරෝධී බව පවසමින් සමහර පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවද පැවසූ අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

