ශ්රීලනිප සමසංවිධායක ධුර වෙනුවට දිස්ත්රික් හා ආසන සංවිධායක ධුර

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර තිබේ. මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය. දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර තිබේ.
පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට හා පක්ෂයේ වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙනයෑම සඳහා මෙම කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.
මීට අමතරව පෙබරවාරි මාසයේදී පක්ෂ සාමාජිකයන් බඳවාගැනීමේ ප්රවර්ධන කටයුතු සිදු කිරීමට හා පක්ෂ ප්රතිසංවිධාන කටයුතු යටතේ දැනට ප්රතිසංවිධානය නොවූ තරුණ හා කාන්තා බලමණ්ඩල කඩිනමින් ප්රතිසංවිධාන කටයුතු කිරීමටද එම පක්ෂය තීරණය කර තිබේ.කළමනාකරු තනතුරු ලබාදීම යටතේ පක්ෂ‘යේ සැලකිය යුතු පිරිසකට තනතුරකට පත්වීමේ අවස්ථාවද හිමි වී ඇත.
popular news
-
Samantha Tuesday, 25 December 2018 09:58 PM
එතකොට චන්දෙදි පොහොට්ටුවේ අයත් සමග සන්දානය ගැහුවොත් චන්ද බෙදෙනවානේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
