පුරා මාස 06 ක පමණ කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා සමය (2024/2025) වෙසක් පුන් පෝය දිනට පසු දින (13) දා නිමාවට පත් වේ.
වෙසක් පුන් පෝය දිනට පසුදින (13) දා දහවල් ශ්රීපාදස්ථානාධිපති, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රීපාද උඩ මළුවේදී සදාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරේ. ඉන් අනතුරුව සදාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඬුල්ල ගත්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත (13) දා පස්වරුවේ ගමන් ආරම්භ කරනු ලබයි. ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට විශේෂ රියක තැන්පත් කරන සදාතුක කරඬුව, සමන් දේව පිළිමය හා දේවාභරණ එක් පෙරහැරක් මාවුස්සාකැලේ, ලක්ෂපාන, කළුගල, අවිස්සාවේල්ල මාර්ගයෙන් හා අනෙක් පෙරහැර මස්කෙළිය, නෝර්වූඩ්, බගවන්තලාව, බලංගොඩ මාර්ගයෙන් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩම කිරීම සිදු කරනු ලබයි.
මෙම පෙරහැරවල් දෙකට සමගාමිව පෙර වසරවලදී මෙන්ම මෙවරද ශ්‍රීපාද උඩමළුවේ සිට එරත්න -රත්නපුර මාර්ගයෙන්ද සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැරක් ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා (13) දා වැඩම කිරීම සිදු කරනු ලබයි.
ශ්‍රීපාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සදාතුක කරඬුව , ඓතිහාසික ශ්‍රී සුමන සමන්දේවියන්ගේ රන්මුව පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල ගත්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන්දේවාලයේ තැන්පත් කර තබනු ඇත.
වන්දනා සමයේදී ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ,
ගාමිණී බණ්ඩාර