ශ්‍රී ලාංකිකයින්ගේ සත්කාර හදවතින්ම අගය කරනවා - යුක්රේන සහ රුසියානු සංචාරකයින්
අපිට යුද්ධය එපා මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ අසීරු අවස්ථාවේ අපිට ශ්‍රී ලාංකික හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රැකබලා ගන්නවා. ශ්‍රී ලාංකිකයින්ගේ මේ සත්කාර අපි හදවතින්ම අගය කරනවා යැයි ගාල්ල උණවටුන ප්‍රදේශයේ සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයෝ පවසති.
යුක්රේන සහ රුසියානු සංචාරකයිගේ තොරතුරු සොයා බැලීමට අප කළ සංචාරයේ දී ඔවුහු මෙසේද පැවසූහ. “අපිට යුද්ධය එපා මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. යුද ගැටුම නිසා වෙනම දේශයක සිටින අප මානසික වශයෙන් දැඩි පිඩනයට ලක්වෙලා සිටින්නේ. ඇවිලෙන යුද ගිනිදැල් නිසා අපිට, අපේ දරුවන්ට, ඥාතීන්ට මොනවා වේවිද කියා සිතා ගන්නවත් බැහැ.” යනුවෙන් ඔවුන් පැවසීය.
තත්ත්වය මෙසේ තිබියදී තම හෝටලවල රැඳී සිටින සංචාරකයින්ට හැකිතාක් කල් පහසුකම් ලබාදීමට උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත මහතා සහ උණවටුන සංචාරකයින් සංගමයේ ලේකම් සුමිත් උබේසිරි මහතා කටයුතු කරමින් සිටිති.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

