ශ්රී ලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි
කොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (13දා) සිට ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව මාලදිවයින තුළ පිටවීමට නොහැකිව, එහි සිරවී සිටි විදේශිකයන් 108 දෙනෙකු , මාලේ ගුවන් තොටුපළේ සිට දහවල් 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත, ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 103 දරණ ගුවන් යානයෙන් රැගෙන එනු ලැබීය.
එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ සියලු ගුවන් මගීන්, ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමකට ලක් කෙරුණි. ඉන්පසු එම ගුවන් මගීන් අතර සිටි පකිස්තානු ජාතික ගුවන් මගීන් 45 දෙනෙකු 5/13 දින සවස 5.00 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1185 දරන විශේෂ ගුවන් යානයෙන් පකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ලැබීය.
මාලේ සිට රැගෙන ආ ඉතිරි ගුවන් මගීන් 63 දෙනා සමගින් , මෙම වසංගත රෝග තත්වය හමුවේ ශ්රී ලංකාව තුළ සිර වී සිටි විදේශිකයන් සහ එංගලන්තයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලැබූ ශ්රී ලාංකික ගුවන් මගීන් 99 දෙනෙකු ද ඇතුළුව ගුවන් මගීන් 162 ක් රැගෙන 5/13 දින රාත්රී 11.45 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානය එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

