ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේ වන විට පවතින ගුවන් යානා කිහිපයකම කල්බදු කාලය අවසන් වන බවත් ඒ අනුව ලබන වසරේදී කල්බදු ක්‍රමය යටතේ ගුවන් යානා කිහිපයක් ලබාගැනිමට කටයුතු කරන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එසේ ගුවන් යානා ලබා නොගතහොත් ශ්‍රී ලන්කන් මේ වන විට පියාසර කරන ගමනාන්ත කිහිපයක්ම නැවැත්වීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.