අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව ශ්‍රී ලංකාවට සිය ණය බර සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජින් පැවැසීය.
චීන විදේශ අමාත්‍යාංශය දිනපතා පවත්වන මාධ්‍ය හමුවට ඊයේ (8දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. විදේශ ආයෝජන හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් දේශීය වෙළෙඳපොළේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසත් චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
හොඳ අසල්වැසියෙකු ලෙස චීනය ශ්‍රි ලංකාවට යුවාන් මිලියන 500 ක් (ඩොලර් මිලියන 74.9 ක් පමණ) මානුෂීය ආධාර ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන ලබා දී ඇති බවයි.
දකුණු ආසියානු රටවල් සමඟ යහපත් අසල්වැසි සබඳතා වර්ධනය කර ගැනීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බවත් කලාපීය සාමයේ සහ සංවර්ධනයේ ධනාත්මක ප්‍රවණතාවය පවත්වා ගෙන යාමටත්, ජනතාවට වැඩි ප්රතිලාභ ගෙන දීමටත් චීනය සූදානම් බවත් ඔහු සඳහන් කළේය.