ශ්‍රී ලංකාවේ තිරසාර නොවන මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය, අඩු ජාත්‍යන්තර සංචිත සහ ඉදිරි වසරවලදී අඛණ්ඩව විශාල මූල්‍ය අවශ්‍යතා ඇතුළුව ශ්‍රී ලංකාව අභියෝගයකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එළි දක්වමින් මේ බව ඔවුන් සඳහන් කරයි. මෙම අභියෝග ජය ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පවසයි.
එහිදී විශේෂයෙන්ම ශක්තිමත්, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැල් හරහා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීම සිදුකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
වසංගතයේ බලපෑම සමනය කර ඇති කඩිනම් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය සහ සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව එහි විධායක අධ්යක්ෂවරු ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රසංසා කර තිබේ.
උසස් තත්ත්වයේ ආදායම් පියවරයන් මත පදනම් වූ අභිලාෂකාමී මූල්‍ය ඒකාග්‍රතාවයක අවශ්‍යතාවය අධ්යක්ෂවරු අවධාරණය කළහ. ශ්‍රී ලංකාවේ අඩු බදු-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය සැලකිල්ලට ගනිමින්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟ අනුපූරකව ආදායම් බදු සහ වැට් බදු ඉහළ නැංවීමට සහ නිදහස් කිරීම් අවම කිරීමට ඇති ඉඩකඩ ඔවුන් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ වියදම් තාර්කිකකරණය, අයවැය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය පාලනය සඳහා අඛණ්ඩව වැඩිදියුණු කිරීම් දිරිමත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට සහ පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිල ක්‍රම අනුගමනය කිරීමට ඔවුන් බලධාරීන් දිරිමත් කළහ.
ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීම සඳහා වෙළඳපල තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයකට ක්‍රමානුකූලව නැවත පැමිණීමට ද ඔවුහු නිර්දේශ කළහ.
වර්ධනය-වැඩිදියුණු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නව ප්රයත්නයන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මීට අමතරව කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීමේ වැදගත්කම සහ තරුණ විරැකියාව අවම කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.
ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට, ආනයන සීමා ඉවත් කිරීමට සහ පොදුවේ ව්‍යාපාර සහ ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීමට තවදුරටත් උත්සාහයන් අවශ් බව ඔවුන් පවසයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දූරදර්ශී කළමනාකරණයක් ඉල්ලා සිටින අතර පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයන් ඔවුන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව
https://www.imf.org/en/News/Articles/2022/03/02/pr2254-sri-lanka-imf-executive-board-concludes-2021-article-iv-consultation-with-sri-lanka