ශ්රී ලංකා යුද හමුදා සංඥා බලකායේ “ඉතිහාස ග්රන්ථය” අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මාණ්ඩලික ප්රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්.දෙමටන්පිටිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.
ශ්රි ලංකා සංඥා බලකාය 1943 වසරේ ඔක්තෝබර් මස 19 වන දින ස්ථාපනය කෙරිණ. තොරතුරු තාක්ෂණය, සංඥා කටයුතු, සයිබර් අවකාශයේ ක්රියාකාරකම්, තාක්ෂණ භාවිතය ඇතුළු බලකායේ 77 වසරක ඉතිහාසය පිළිබඳ සියලු තොරතුරු සහිත පර්යේෂණාත්මක කෘතියක් ලෙස ග්රන්ථය සැකසී තිබේ.
ජනාධිපතිතුමා යුද හමුදා නිලධාරියෙකු ලෙස කොමිෂන් ලැබීම, ලුතිතන්වරයෙකු දක්වා සංඥා බලකායට අනුයුක්තව සේවය කිරීම, පකිස්ථානයේ දී තරුණ සංඥා නිලධාරී පාඨමාලාව හැදෑරීම සහ යාපනයේ සංඥා නිලධාරී ලෙස ක්රියා කිරීම බලකා ඉතිහාසයේ ඇතුළත් වේ