ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 33 වන සංවත්සරය සැමරීම
1993 ජුලි මස 15 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත බැඳී කෙඩෙට් නිලධාරින් ලෙස පුහුණුව ලැබ අධිකාරියට පත්වූ යුධ සෙබලුන්, රණවිරු දිවියේ සිය 33 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.
ජාතියක් ලෙස අද අප භුක්ති විඳින නිදහස වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් මුළුල්ලෙහි කුරිරු එල්ටිටිඊ ත්රස්තවාදීන් සමග සටන් කොට තම මාතෘ භූමිය මුදවා ගැනීම වෙනුවෙන් ජීවිතය මෙන්ම තම ලේ දහඩිය කැපකර එම අභීත විරුවන් කල පරිත්‍යාගය මිල කල නොහැකිය. එමෙන්ම ශ්රීලංකාද්වීපයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් තම ජීවිතයේ තරුණවිය මෙන්ම අනාගත බලාපොරොත්තූන්ද කැපකර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අභීත හෙට දවසක් උදාකර දුන්හ.
මාතෘ භූමියේ පැවති බෙදුම්වාදය තුරන් කර දේශයේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිදහස් නිවහල් දේශයක් පුබුදුවාලීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන තම ප්‍රාණය මාතෘ භූමිය වෙනුවෙන් තම දිවි පුදකල සහෝදර නිලධාරින්වද 33 වන සංවත්සරය සමරන අවස්ථාවේදී ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කිරීමද මෙහිදී සිදුවිය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
