ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134 ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණි.
විශේෂයෙන්ම මෙම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිත බව වැඩිදුර තොරතුරු වාර්ථා වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 300වන බවද සඳහන්වේයි. ( I J)

