සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.
දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම තරගය රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය තියුණු තරගයකින් අනතුරුව පාකිස්ථානය ජය ගැනිමට සමත්විය. ඒ් අනුව මෙම තරගය දෙපිලටම වඩාත් වැදගත් තරගයක් වෙයි.
