ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්රකාශයට පත්කර ඇති හදිසි නීතිය වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්රී ලංකා නිතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ.
ජනපතිවරයා හදිසි නීතිය ප්රකාශයට පත්කිරීමට ගත් ක්රියාමාර්ගය පිළිබඳව දැඩි අවධානය යොමුකරන බවද ඔවුන් යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
මේ අතර හදිසි නීතිය පැනවිමට ගත් හේතු පිළිබඳව මහ ජනතාවට පැහැදිලි කරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද රජයෙන් ඉල්ලා සිටියි.
විරෝධතා බොහෝ දුරට සාමකාමීව හා පොලිස් සීමා තුළ පැවැති හෙයින් හදිසි නීතිය ප්රකාශ කිරීමට ගත් ක්රියාමාර්ගය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ කනස්සල්ල ප්රකාශ කරන බවද එම කොමිෂන් සභාව පවසයි.