ශ්‍රී ලංකා - ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අප්‍රේල් සිට ක්‍රියාත්මකයි
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දිගුකාලීනව මුහුණ පෑ රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙමින්, දෙරට අතර අත්සන් කළ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licences) අප්‍රේල් මස සිට බලාත්මක කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ගිවිසුම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය එක්ව දියත් කළ දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයක ප්‍රතිඵලයක් වන අතර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතුද සාර්ථකව අවසන් කර ඇති බව සඳහන් වේ.
ගිවිසුමට අනුව, ඉතාලියේ වසර හයකට අධික කාලයක් නීතිමය ලෙස පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට, කිසිදු ලිඛිත හෝ ප්‍රායෝගික රියදුරු පරීක්ෂාවකට මුහුණ දීමට නොපැමිණ, තම ජාතික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් ලෙස පරිවර්තනය කර ගැනීමට හැකි වේ.
ඉතාලියේ ජීවත්වන සහ සේවය කරන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් මෙම පහසුකම ඉතා උනන්දුවෙන් පිළිගෙන ඇති අතර, එය ඔවුන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීමටත්, අනාගත වෘත්තීය ස්ථායීතාවය වර්ධනය කිරීමටත්, එමෙන්ම ඵලදායී විදේශීය ප්‍රජාවක් ලෙස ඉතාලි සමාජයට දායක වීමටත් වැදගත් පිටුබලයක් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
