කාන්තා දිනයට සමගාමීව ශ්රී ලංකන් එයාර්ලයින් වෙතින් සම්පූර්ණ කාන්තා කාර්යමණ්ඩලයක් සහිත ගුවන් ගමනක් දියත් කිරීමට අද (08දා) සමත්විය.
ඒ කටුනායක සිට ඉන්දියාවේ ට්රිචී දක්වායි. මෙම ගුවන්ගමනේදී ගුවන්යානය මෙහෙයවීම කපිතාන් චාමිකා රූපසිංහ හා පියාසර නිළධාරින් ලෙස බිමලි ජයවර්ධන හා රෝෂණී දිසානායක විසින් සිදු කරන ලදී. මෙහිදී කැබින් සුපරීක්ෂක ලෙසින් උපුලි වර්ණකුල හා ගුවන් සේවිකාවන් ලෙසින් ලක්මිණී දිසානායක, ජයකලනි කින්සන් හා හර්ෂි වල්පොල යන පිරිස ක්රියා කළහ.


