ශ්‍රි පාදයේ ගලක් පෙරළිමෙන් වන්දනාකරුවන්ට තුවාල
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙක් පෙරේදා (27) පස්වරු 06.00 ට පමණ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
සමීර උදයංග, ඩබ්.ටී. ප්‍රසාද් හා චලනි උදාරි යන තරුණයන් දෙදෙනෙක් හා එක් තරුණියක් මෙසේ තුවාල ලබා ඇත. ඔවුන් අවුරුදු 27,25 හා 26 යන වයස්වල අය වන අතර තංගල්ල හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
මෙම වන්දනාකරුවන් නල්තතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය කරුණා කරමින් සිටියදී “මහගිරිදඹ” ප්‍රදේශයේදී ශ්‍රී පාද කන්දේ ඉහළින් තිබූ ගලක් එක් වරම පහළට කඩා වැටී ඔවුන්ගේ ශරීරයේ වැදී තුවාල වූ බව රෝහල් ගත කර සිටින තුවාලකරුවන් සමග පැමිණි නඩයේ අනෙක් පිරිස පවසති. අනතුර සිදුවන අවස්ථාවේ වර්ෂාව පැවති බවත්, විශාල ශබ්දයක් සමග ගල පහළට කඩා වැටුණ බවත් ඔවුහුකියා සිටිති.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව දික්ඔය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
ඉකුත් වසරේ මැයි මාසයේ ශ්‍රීපාද අවාර සමයේ කසල ගොඩක් සමග නාය යෑමකට ලක් වූ මහගිරිදඹ නැමති ස්ථානයේ සිට මෙම ගල කඩා වැටී ඇති බවට සැක කරන බවත්, නල්තන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳසැල් හිමියෝ පවසති.
මේ සම්බන්ධව අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.පී.ජී. සුමනසේකර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ, මෙම ගල කඩා වැටීම සම්බන්ධව කඩිනමින් සොයා බැලීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධානි සමන්ත බෝගහපිටිය මහතාට දන්වා ඇති බවය.



popular news
-
Champa Friday, 28 December 2018 02:00 PM
කවදාවත් අහපු නැති දේවල් තමයි දැන් සිද්ධ වෙන්නේ. සිරීපාදේ වන්දනා කරන මිනිස්සුන්ගේ ඔළුවට ගල් පෙරළෙනවා. කතරගම යන මිනිස්සුත් අනතුරු වලට ලක් වෙලා තියෙන කතා ඇහැව්වා. පාරේ යන වාහන උඩටත් ගස් කඩා වැටිලා තිබුන. කවදාවත් නැති තරම් අලිත් මැරෙනවා. එකක්දෙකක් නම් කමක් නැහැ. නමුත් නිතරම මේවා වෙනකොට කට වහරට නම් කියන්නේ රටටම මොකක් හරි සාපයක් පල දීල කියල. පාලකයන්ට ශ්‍රද්ධාව භක්තිය නැති වුනහම ඒවා රටටත් බල පානවා. මොකක් හරි වුනහම පාලකයෝ තිරුපති දුවනවා තමන්ගේ බේරීමට. ඊට පස්සේ ආපහු ඇවිල්ල රට අනාගාමික කරන්න යනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
