ශ්රි පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17දා) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩි දුර ප්රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
අද දහවල් මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්රධාන මාර්ගයේ රිකාටන් ප්රදේශයේදීය.
ශ්රි පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මොටර් රථය ධාවනය වන අවස්ථාවේ මොටර් රථයේ රියදුරාට නින්ද යෑම නිසා මාර්ගය අසල පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදු වි තිබේ.
මොටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ රථය තුල සිව්දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය පැවසීය.


