විදේස්ගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙ ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
විදේශ ප්‍රේෂණ මත කිසිදු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශීය විනිමය ප්‍රේෂණ, විදේශ ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කළ හැකි බවද මහ බැංකුව පවසයි.
තවද විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිඳු හෝ වෙනසක් නොමැතිව බුක්ති විදිය හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.