පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම එළඹෙන 15 වැනිදාත්, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම එළඹෙන 23 වැනිදාත්, ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව පාසල් 37ක ඇගයීම් මණ්ඩල 428කදී ගුරුවරුන් 6848ක සහභාගීත්වයෙන් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සිදු කෙරේ.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ පළමු අදියර මේ මස 23 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා පාසල් 37ක ඇගයිම් මණ්ඩල 527ක් තුළ ගුරුවරුන් 8432ක සහාභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අනුව පාසල් 37ක් සැප්තැම්බර් 05 වැනිදා දක්වා වසා තැබෙන අතර එම පාසල් 06 වැනිදා ආරම්භ වන අතර, සෙසු පාසල් සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.