ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මුඛ ආවරණ හා විෂබීජනාශක වැනි පහසුකම් එම මධ්‍යස්ථානවලට අවශ්‍යතා අනුව ලබාදීමත්, අවම කාර්යය මණ්ඩලයක් යොදා ගැනීමත් සිදුකළ යුතු බව දැක්වේ.
ශරීර සුවතා මධ්‍යස්ථානවලට පැමිණෙන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය අතර ව්‍යායාම් උපකරණ සැලකිය යුතු පරතරයකින් තැබිය යුතු වෙයි.
වරකට ශරීර සුවතා මධ්‍යස්ථානවල රැඳෙන පිරිස සීමා කළ යුතු වේ . එක් සැසියක් පැයකට හෝ අඩු කාලයකට සීමා කළ යුතුයි.
අධික තදබදය වැළැක්වීම සඳහා එක් පුද්ගලයෙකුට සතියකට දින 02 ක් හෝ 03 ක් පුහුණුවීම් අවස්ථා ලබාදිය යුතු වනවා.
දිනකට අවම වශයෙන් 03 වරක්වත් ශාරීරික සුවතා මධ්‍යස්ථානය විෂබීජහරණය කළ යුතුය වෙයි.
ශරීර සුවතා මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදුන් පසු එහි හිමිකරුවන් විසින් මෙම මාර්ගෝපදේශයන් කි‍්‍රයාත්මක කළ යුතු වේ.