හෙට (11) දින සිට ආරම්භ වන 2019-2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරයට සමගාමීව හැටන්, නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදය කරුණාකිරිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලැසීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවටම මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් බවත්, විශේෂයෙන්ම වන්දනාකරුවන් දියඇලි, ගංගා, ඇළ, දොළ, වැව්, ජල පහරවල් හා ජලාශයන් භාවිතා කිරිමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කල යුතු බවද ඒ මහතා පැවසීය.
මෙවර ශ්‍රි පාද වන්දනාවාරයේදි ශ්‍රි පාද බැතිමතුන්ගේ ආරක්ෂාව සහ ඔවුනට අවශ්‍ය පොදු පහසුකම් සැලැසීමට අදාළ කටයුතු අවශ්‍ය ආයතන සමග සම්බන්ධ වෙමින් සිදු කරන බවත්, වන්දනාකරුවන් විසින් මුදා හරින ප්ලාස්ටික්,පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය නල්ලත්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථානකීපයකම එක් රැස්කිරීමේ කටයුතු සිදු කොට ඒවා ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කොට ඇති බව ඒ මහතා පැවැසීය.
ශ්‍රී පාදස්ථානයේ ගෞරවය ආරක්ෂා කරමින්, මෙම පුණ්‍ය භූමිය සහිත අතිසංවේදි පරිසර කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කිරිමට වන්දනාකරුවන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
ශාන් හුලංනුගේ