ගුවන් මගීන් ප්‍රවාහනය අත්හිටවූ පසු සමාගමේ ප්‍රධාන අදායම් මාර්ගය ගුවන් භාණ්ඩ ප්‍රවාහනය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චාමර රණසිංහ මහතා ගුවන් බඩු ගම්මානයේ අද (28දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තමන්ට අභියෝගයක් බවත්, තමන්ට එය එතරම් හුරු පුරුදු දෙයක් නොවූවත්, තමන් එය මහත් වගකීමෙන් යුතුව ඉටු කරන බවත් පැවසීය.
මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩලය මහත් කැපවීමෙන් යුතුව කටයුතු කරන බවත් පැවසීය.
මාර්තු 12 දින මගී ප්‍රවාහන ගුවන් ගමන් අත්හිටුවීමෙන් පසු අද දින දක්වා කාළය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් වාර 50 ක් පමණ ක්‍රියාත්මක කර ඇති අතර , එම වාර තුළ ගුවන් යානා මගින් කිලෝ ග්රැම් දශ ලක්ෂයක් බර භාණ්ඩ තොගයක් ගුවන් මගින් ප්‍රවාහනය කර ඇති බවද පැවසීය.
මෙම ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් 55% ක්ම පළතුරු , එළවළු සහ ආහාර ද්‍රව්‍ය වූ බවත් හෙතෙම සදහන් කළේය.
මෙම ගුවන් භාණ්ඩ වැඩි වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි , සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා සහ මාල දිවයින වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද ප්‍රවාහනය සිදු කර ඇති බව ද අනාවරණය කළේය.
මෙම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මගින් මෙරට අපනයන කටයුතු ඉහළ ගොස් , ශ්‍රී ලංකාවේ ගොවි මහතුන් ධෛර්යයමත් වන බවත් , ශ්‍රී ලංකාවට විදේශ මුදල් ගලා එන බවත් චාමර රණසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මීට අමතරව චීනය , දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග්, සෞදි අරාබියේ ජෙඩා සහ බහරේන් වෙත එම රටවල භාණ්ඩ සහ මගීන් රැගෙන කුළී ගුවන් ගමන් (Chater Flights) වල නිරත වන බවත් වැඩිදුරටත් රණසිංහ මහතා පැවසීය.