ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ජාතික වියපත් කාන්තාවක් , ඇය ගමන් කරමින් සිටි ගුවන් යානය තුළදීම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.
ඇය සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි 65 හැවිරිදි මැලේසියානු ජාතික කාන්තාවකි .
ඇය සෞදි අරාබියේ ජෙඩා නුවර සිට අද (11) දින අලුයම 4.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 282 දරන ගුවන් යානය තුළ ගුවනේ දී මියගොස් සිටියාය .
මේ පිළිබඳව යානයේ ගුවන් නියමුවා විසින් දැනුම් දීමෙන් අනතුරුව , කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ඇයගේ සිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වැඩබලන ස්ථානාධිපති සුනෙත් වර්ණසූරිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
කටුනායක - කේ.පි.ජි කපිල