ශ්‍රී ලංකාව තුළ පළමුවරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යවරුන් වෙනස් වීමේ දී අමාත්‍යංශවල ප්‍රතිපත්ති වෙනස්වීමේ සංස්කෘතිය අවසන් කරමින් ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙන්නේ.
ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් එම කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
මේ සඳහා දේශපාලනඥයන් පරිසර සංවිධාන විද්වතුන් මාධ්‍යවේදීන් මෙන්ම පරිසරයට ආදරය කරන සියලු දෙනාගෙන්ම අදහස් හා යෝජනා ලබා ගැනෙනවා.
මෙම වසර අවසන් වීමට පෙර ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ.