ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු ත්‍රිකුණාමලය , තම්පලාකාමම් බටහිර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි , සිංගප්පූරුවේ පෞද්ගලික ආයතනයක රැකියා කරන්නෙකු වේ .
ඔහු අද දින අලුයම 3.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට පැමිණ සිටියදී , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු පිළිබඳව රේගු නිලධාරීන් වෙත දන්වන ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
ඔහු විසින් රැගෙන ආ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු විශාල ගමන් මල්ලේ ශ්‍රී ලංකා රුපියල් 1,000 සහ රුපියල් 5,000 නෝට්ටු වලින් සමන්විත මෙම රුපියල් 4,899,000 ක මුදලක් සගවා ගෙන සිටිය බැව් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .